ගණන් කථාව 4:9 - Sinhala New Revised Version 2018 “තවද, ඔවුන් නිල්වන් රෙදි කඩක් ගෙන, පහන් රුක ද එහි සේවාවන්ට ගන්නා පහන් ද කතුරු ද ඒවායේ තැටි ද තෙල් බඳුන් ද වැසිය යුතු ය. Sinhala New Revised Version “තවද, ඔවුන් නිල්වන් රෙදි කඩක් ගෙන, පහන් රුක ද එහි සේවාවන්ට ගන්නා පහන් ද කතුරු ද ඒවායේ තැටි ද තෙල් බඳුන් ද වැසිය යුතු ය. Sinhala Revised Old Version ඔව්හු නිල් රෙද්දක් ගෙන පහන්රුකද ඒකේ පහන්ද ඒකේ කතුරුද කතුරු තැටිද ඊට ගන්න සියලු තෙල් භාජනද වසා, |
පසුව මේවා පිට දම් පාට රෙද්දක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල වැසිය යුතු ය. මෙසේ කළ පසු මෙය උසුලාගෙන යෑමට හරස් පොලු දැමිය යුතු වේ.
මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි.
මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.