“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.
ගණන් කථාව 4:26 - Sinhala New Revised Version 2018 මළුවේ තිර ද, මණ්ඩපය සහ පූජාසනය වටේට ඇති මළුවේ දොරටුවට යොදා තිබෙන කඩතුරාව ද, ඒවායේ ලණු ද, ඒවායේ මෙහෙයට භාවිත කරන සියලු බඩු භාණ්ඩ සහ අනිකුත් සියල්ල ද උසුලාගෙන යා යුතු ය. Sinhala New Revised Version මළුවේ තිර ද, මණ්ඩපය සහ පූජාසනය වටේට ඇති මළුවේ දොරටුවට යොදා තිබෙන කඩතුරාව ද, ඒවායේ ලණු ද, ඒවායේ මෙහෙයට භාවිත කරන සියලු බඩු භාණ්ඩ සහ අනිකුත් සියල්ල ද උසුලාගෙන යා යුතු ය. Sinhala Revised Old Version මළුවේ තිරද මණ්ඩපයටත් පූජාසනයටත් හාත්පසින් මළුවේ දොරටුවේ කඩතුරාවද ඒවායේ ලනුද ඒවායේ වැඩට ගන්නා සියලු බඩුද ගෙනයත්වා, ඒවායින් කිරීමට තිබෙන සියල්ලද ඔව්හු කරත්වා. |
“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.
ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය.
ගේර්ෂොන්ගේ දරුපරපුරට පැවරෙන සේවාව සහ වගකීම්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ට භාර දෙන ලෙස ඉටු විය යුතු ය. එබැවින් නුඹ ද ඔවුන්ට ඔවුන්ගේ වගකීම පැවරිය යුතු වේ.