ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 36:1 - Sinhala New Revised Version 2018

ජෝසෙප්ගේ පුතුන්ගේ පවුල්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පරපුරට අයත් පවුල්වල ප්‍රජා මූලිකයෝ මෝසෙස් ද ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් හා නායකයන් ද ඉදිරියට පැමිණ,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝසෙප්ගේ පුතුන්ගේ පවුල්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පරපුරට අයත් පවුල්වල ප්‍රජා මූලිකයෝ මෝසෙස් ද ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් හා නායකයන් ද ඉදිරියට පැමිණ,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෝසෙප් පුත්‍රයන්ගේ වංශවලින් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද් පුත්‍රයන්ගේ වංශයේ පිය පෙළපත්වල ප්‍රධානියෝ අවුත් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ව සිටි අධිපතීන් ඉදිරියෙහිද කථාකොට:

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 36:1
7 හුවමාරු යොමු  

තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.


ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.


ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ප්‍රජා මූලිකයන් හා මුළු ජනතාව ද ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ සිටගෙන,


“ශෙලෝපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණ ය. නුඹ ඔවුන්ගේ පියාගේ සොහොයුරන්ට හිමි කොටස ඔවුන්ට උරුම කොට දිය යුතු ය. මෙලෙස නුඹ ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට අයිති වීමට සැලසිය යුතු ය.