ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ජෙරිකෝවට මූණ ලා ජොර්දාන් ගඟින් එතෙර මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.
ගණන් කථාව 33:50 - Sinhala New Revised Version 2018 ජොර්දාන් ගං තෙර පිහිටි ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala New Revised Version ජොර්දාන් ගං තෙර පිහිටි ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්: |
ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ජෙරිකෝවට මූණ ලා ජොර්දාන් ගඟින් එතෙර මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න; ‘නුඹලා ජොර්දාන් ගඟෙන් එතෙර වී, කානාන් දේශයට සැපත් වූ විට
ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.
සමිඳාණන් වහන්සේ තමන්ගේ සේවක මෝසෙස්ට අණ කළ ලෙස, මෝසෙස් ජෝෂුවාට අණ කෙළේ ය. ජෝෂුවා ඒ අනුව ක්‍රියා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් වත් ජෝෂුවා ඉටු නොකර නොහැරියේ ය.