ගණන් කථාව 33:38 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගිය හතළිස් වන අවුරුද්දේ පස් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේගේ අණ පරිදි පූජක ආරොන් හෝර් නම් කන්දට නැංග පසු, එහි දී මියගියේ ය. Sinhala New Revised Version ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගිය හතළිස් වන අවුරුද්දේ පස් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේගේ අණ පරිදි පූජක ආරොන් හෝර් නම් කන්දට නැංග පසු, එහි දී මියගියේ ය. Sinhala Revised Old Version පූජකවූ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු සතළිස්වෙනි අවුරුද්දේ පස්වෙනි මස පළමුවෙනි දින ස්වාමීන්වහන්සේගේ අණ පිට හෝර් කන්දට නැගී ගොස් එහි මැරුණේය. |
සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.
“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.
නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය.