එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද?
එවිට මෝසෙස් ගාද් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ: නුඹලාගේ සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මෙහි නවතින්ට හදනවාද?
උරියා දාවිත්ට කතා කොට, “ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත; ඉශ්රායෙල්වරු ද ජුදෙව්වරු ද කූඩාරම්වල සිටිති; මාගේ ස්වාමීන් වන ජෝවාබ් ද මාගේ ස්වාමියාගේ සේවකයෝ ද එළිමහනේ කඳවුරු බැඳගෙන සිටිති. එසේ නම්, කා, බී ප්‍රීති වන්නටත්, මාගේ බිරිඳ සමඟ සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේ ද? මම සැබෑ ලෙස එවැන්නක් නොකරමි යි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි පැවසී ය.
එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන දේශයට ඔවුන් නොයන ලෙස ඔවුන්ගේ සිත් අධෛර්ය කරන්නේ මන් ද?
ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි;
සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න.
එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.