එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය.
ගණන් කථාව 32:27 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ කියන පරිදි ඔබ සේවක අපි හැම කෙනෙක් ම සන්නාහ සන්නද්ධ ව, සමිඳාණන් වහන්සේගේ අණ ලෙස සටනට සූදානම් වන්නෙමු”යි කීවෝ ය. Sinhala New Revised Version එහෙත්, ඔබ කියන පරිදි ඔබ සේවක අපි හැම කෙනෙක් ම සන්නාහ සන්නද්ධ ව, සමිඳාණන් වහන්සේගේ අණ ලෙස සටනට සූදානම් වන්නෙමු”යි කීවෝ ය. Sinhala Revised Old Version එහෙත් අපේ ස්වාමිතුමා කියන ලෙස නුඹවහන්සේගේ දාසයෝ සියල්ලෝම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සටනට එතර යන්නෝයයි කීවෝය. |
එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය.
එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, “අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි.
එහෙත්, අපි ඉශ්රායෙල් ජනයා ඔවුන්ට හිමි රටට පමුණුවන තෙක්, ඔවුන්ට පෙරටුව සන්නාහ සන්නද්ධ ව ගොස් සටන් කරන්නෙමු. අපගේ කුඩා අය පමණක් දේශවාසීන්ගෙන් ඔවුන්ට උවදුරු නොපැමිණෙන ලෙස පවුරු බැඳි නගරවල වසන්නෝ ය.
මෙලෙස මෝසෙස් ඔවුන් පිළිබඳ ව පූජක එලෙයාසර්ට ද නූන්ගේ පුත් ජෝෂුවාට හා ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල නායකයන්ට ද විධාන කෙළේ ය.
“දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය.
රූබන්ගේ පෙළපත ද ගාද්ගේ පෙළපත ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද සන්නාහ සන්නද්ධ ව, මෝසෙස් ඔවුන්ට කී ප්‍රකාර, ඉශ්රායෙල්වරුන්ට පෙරටුව එතෙර වූ හ.