ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 31:41 - Sinhala New Revised Version 2018

තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ එලෙයාසර්ට දුන්නේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 31:41
14 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයා ද පිටත් ව ගොස් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට වදාළ පරිදි කළහ.


“ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිඳාණන් වහන්සේ වන මම නුඹත්, නුඹේ පෙළපතත් සමඟ ගිවිසගත් සදහට ම වලංගු වන හෙවත් නොකැඩෙන ගිවිසුමක් ය.”


සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, ඉශ්රායෙල් ජනයා පුදන පූජාවලින් විශේෂ කොටසක් නුඹට උරුම කොට මම වෙන් කෙළෙමි. ඒවා සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුවන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කරන්නෙමි.


යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කාන්තාවෝ තිස්දෙදෙනෙක් වූ හ.


සටන් කළ යුද්ධ භටයන්ගෙන් ඉශ්රායෙල් ජනයා සඳහා මෝසෙස් වෙන් කළ දෙකෙන් කොටස


ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ ”යි වදාළ සේක.


තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත.


ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය.


ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා.


යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි.