එහෙත්, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවන් ඔබ හැම සඳහා ඉතුරු කරගන්න.
ගණන් කථාව 31:17 - Sinhala New Revised Version 2018 දැන් ඉතින් කුඩාවූවන් අතර සියලු පිරිමි දරුවන් ද මිනිසෙකු සමඟ සයනය කළ සෑම ස්ත්‍රියක ද මරන්න. Sinhala New Revised Version දැන් ඉතින් කුඩාවූවන් අතර සියලු පිරිමි දරුවන් ද මිනිසෙකු සමඟ සයනය කළ සෑම ස්ත්‍රියක ද මරන්න. Sinhala Revised Old Version එබැවින් බාලයන් අතරෙහි සියලු පිරිමින්ද පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයන් දැනගත් සියලු ස්ත්‍රීන්ද මරා, |
එහෙත්, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවන් ඔබ හැම සඳහා ඉතුරු කරගන්න.
දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබේ බලයට පාවා දුන් පසු, ඔබ එහි සිටින සියලු පිරිමින් කඩුවෙන් මරාදැමිය යුතු ය.
උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.
එබැවින් එහි රැස් වූ බලසම්පන්න මිනිසුන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින්, ඔවුන් මරන්නට අණ කරමින්, “ඔබ හැම ගොස් ස්ත්‍රීන් ද බාලයන් ද ඇතුළු ව ජාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුවෙන් පහර දෙන්න.