“යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.
ගණන් කථාව 30:15 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔහු ඒවා ගැන අසා කලක් ගිය පසු ඒවා අවලංගු කළොත්, ඈට පැවරෙන වරද ගැන ඔහු වරදකරුවා වනු ඇත.’ ” Sinhala New Revised Version එහෙත්, ඔහු ඒවා ගැන අසා කලක් ගිය පසු ඒවා අවලංගු කළොත්, ඈට පැවරෙන වරද ගැන ඔහු වරදකරුවා වනු ඇත.’ “ Sinhala Revised Old Version එහෙත් ඔහු ඒවා ඇසුවායින් පසු යම් අන්දමකින් ඒවා අවලංගුකළොත්, ඔහු ඇගේ අයුතුකම දරන්නේයයි කීවේය. |
“යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.
එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන ඇසූ යම් දිනක ඒවා අවලංගු කළොත්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින්, සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.
එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන දවසින් දවස නිහඬ ව සිටී නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල වලංගු ය. ඔහු ඒවා ගැන ඇසූ දින සිට ම නිහඬ ව සිටින බැවින් ඔහු ඒවා අනුමත කෙළේ ය යි සැලකේ.
සැමියා සහ බිරිඳ අතර ද පියා සහ තම ගෙදර වසන තරුණ දුව අතර ද වලංගු වන, දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ නියෝග මේවා ය.
එහෙත්, ඇගේ පියා ඒවා ගැන දැනගත් පසු, යම් දිනක ඒවා ඈට තහනම් කළොත්, ඈ කළ බාර හා යමකින් වැළකීමට ඈ දුන් පොරොන්දු කිසිත් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ පියා ඒවා ඈට තහනම් කළ බැවින් සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.
එහෙත්, ඇගේ සැමියා එය අසා යම් දිනක ඈට ඒවා තහනම් කළොත්, ඈ කළ බාර ද යමකින් වැළකීමට දුන් පොරොන්දු ද කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.
ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.