තවද, කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතු ය. ඔබ ඌ මුදා නොගන්නෙහි නම් උගේ බෙල්ල කැඩිය යුතු ය. ඔබ ජනයා අතර සියලු කුලුඳුලන් ද මුදාගත යුතු ය.
ගණන් කථාව 3:46 - Sinhala New Revised Version 2018 ලෙවීවරුන්ගේ කුලුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදාගැනීම පිණිස Sinhala New Revised Version ලෙවීවරුන්ගේ කුලුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදාගැනීම පිණිස Sinhala Revised Old Version ලෙවීවරුන්ගේ ගණනට වැඩිව සිටින්නාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන් දෙසිය සැත්තෑ තුන්දෙනාගේ මිදීම පිණිස, |
තවද, කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතු ය. ඔබ ඌ මුදා නොගන්නෙහි නම් උගේ බෙල්ල කැඩිය යුතු ය. ඔබ ජනයා අතර සියලු කුලුඳුලන් ද මුදාගත යුතු ය.
පාරාවෝ මුරණ්ඩු ලෙස අපට නික්ම යෑමට අවසර නුදුන් විට, සමිඳාණන් වහන්සේ මිසර දේශයේ මිනිසුන්ගේ කුලුඳුලන් සියල්ලන් හා මෘගයන්ගේ සියලු කුලුඳුලන් ද මරාදැමූ සේක. එබැවින් මම, මවු කුසෙන් පළමුවෙන් බිහි වෙන සියලු පිරිමි සතුන් උන් වහන්සේට පූජා කරමි. එහෙත්, සියලු පිරිමි කුලුඳුල් දරුවන් මම මුදාගන්නෙමි.