ගණන් කථාව 3:27 - Sinhala New Revised Version 2018 කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්. Sinhala New Revised Version කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්. Sinhala Revised Old Version අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය. |
හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියා ද ඔහුගේ සහෝදරයෝ ද යන බලවන්තයෝ එක්දහස් හත්සියයක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳාණන් වහන්සේ සම්බන්ධ දේ ගැන ද රජුගේ වැඩ ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට පත් ව සිටියෝ ය.
මළුවේ තිර ද මණ්ඩපයට සම්බන්ධ පූජාසනය වටේට වූ මළුවේ දොරට දැමූ තිරය ද මේවා සම්බන්ධ සියලු සේවාවන්ට අවශ්‍ය ලණු ද වේ.
ඔවුන් අතර ලියාපදිංචි කළ, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු එකතුව අටදාස් හයසියයක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝ ය.
“ලෙවීගේ පුතුන් අතරෙන් කොහාත්ගේ පරපුරට පැවතෙන්නන්ගේ පවුල් හා පිය පෙළපත් අනුව සංගණනයක් ගන්න.
කොහාත්වරුන්ගේ සෙසු ගෝත්‍රවලට එප්‍රායිම් ගෝත්‍රයෙන් ද දාන් ගෝත්‍රයෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.