ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.
ගණන් කථාව 27:7 - Sinhala New Revised Version 2018 “ශෙලෝපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණ ය. නුඹ ඔවුන්ගේ පියාගේ සොහොයුරන්ට හිමි කොටස ඔවුන්ට උරුම කොට දිය යුතු ය. මෙලෙස නුඹ ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට අයිති වීමට සැලසිය යුතු ය. Sinhala New Revised Version “ශෙලෝපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණ ය. නුඹ ඔවුන්ගේ පියාගේ සොහොයුරන්ට හිමි කොටස ඔවුන්ට උරුම කොට දිය යුතු ය. මෙලෙස නුඹ ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට අයිති වීමට සැලසිය යුතු ය. Sinhala Revised Old Version ශෙලෝඵෙහාද්ගේ දූවරුන් කියන දේ හරිය. නුඹ සැබවින් ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දිය යුතුය; ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට හිමිවෙන්ට සලසන්න. |
ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.
එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය.
නුඹලාගේ අනාථ දරුවන් මා සමඟ තබා යන්න, මම ඔවුන් රැකබලාගන්නෙමි. නුඹලාගේ වැන්දඹුවෝ ද මා කෙරෙහි විශ්වාස කරත් වා.”
නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය.
“ශෙලෝපෙහාද්ගේ දූවරුන් ගැන සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය: ‘ඔවුන් තමන්ට කැමැති පරිදි තමන්ගේ ගෝත්‍රය තුළ ම පමණක් විවාහ විය යුතු ය.
ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.
ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, “සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය.