ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 27:23 - Sinhala New Revised Version 2018

ඔහු මත තම අත් තබා උන් වහන්සේ අණ කළ පරිදි ඔහුට වගකීම පැවරී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු මත තම අත් තබා උන් වහන්සේ අණ කළ පරිදි ඔහුට වගකීම පැවරී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමාගේ අත් ඔහු පිට තබා, ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස අණක් ඔහුට දුන්නේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 27:23
9 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න.


ඉන්පසු පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරිපිට ඔහු සිටුවා, ඔවුන් බලාගෙන සිටිය දී ඔහුට වගකීම පවරන්න.


සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. ඔහු ජෝෂුවා කැඳවා පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරියෙහි සිටුවා,


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


“එකල මම ජෝෂුවාට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අන් රජුන් දෙදෙනාට කළ දේ දෑසින් ම ඔබ දුටුවෙහි ය. ඔබ ආක්‍රමණය කරන සියලු රාජධානිවලට උන් වහන්සේ එලෙස කරන සේක.


ජෝෂුවාට වගකීම පවරා ඔහු ධෛර්යවත් කර ශක්ති සම්පන්න කරන්න. ඔහු මේ සෙනඟට පෙරටුවෙන් ගොස්, ඔබ දකින දේශය ඔවුන්ට උරුම කරගැනීමට සලසනු ඇතැ’යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.


මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.