ගණන් කථාව 26:6 - Sinhala New Revised Version 2018 හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; කර්මීගෙන් පැවතෙන කර්මී පවුල ය; Sinhala New Revised Version හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; කර්මීගෙන් පැවතෙන කර්මී පවුල ය; Sinhala Revised Old Version හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. කර්මීගෙන් පැවත ආ කර්මී පවුලය. |
‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.
පෙරෙශ්ගේ පරපුර නම් හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; හාමුල්ගෙන් පැවතෙන හාමුල් පවුල ය.
ඔව්හු වනාහි ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුල් පුත් රූබන් ය; මොහුගේ පරපුර නම්, හනොක්ගෙන් පැවතෙන හනොක් පවුල ය; පල්ලුගෙන් පැවතෙන පල්ලු පවුල ය;
රූබන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්තුන්දාස් හත්සිය තිස්දෙනෙක් ය.