ගණන් කථාව 24:24 - Sinhala New Revised Version 2018 කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.” Sinhala New Revised Version කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.” Sinhala Revised Old Version එහෙත් කිත්තීම් දිසාවෙන් නැව් එන්නේය, ඔව්හු අෂූර් යටහත්කරන්නෝය, ඒබෙර්ද යටහත්කරන්නෝය, ඔහුද විනාශයට පැමිණෙන්නේයයි කීවේය. |
එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”
මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.
තීර් පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.
බාෂාන්හි ආලෝන ලීවලින් නුඹේ හබල් සෑදූ හ. නුඹේ නැවේ තට්ටුව කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත් දත් ගිල්වූ හ.
එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.”
“එබැවින් දානියෙල් දිවැසිවරයා සඳහන් කළ, ‘බිහිසුණු දූෂිතය, ශුද්ධස්ථානයෙහි තිබෙනු ඔබ යම් කලක දකින්නහු ද, (පාඨකයා තේරුම්ගනීවා)
එහි තිබෙන රූපයත් සටහනත් කාගේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ” යයි ඔව්හු කී හ.
අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්, අපේ ජාතියත් වනසනු ඇතැ”යි කී හ.