එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය.
ගණන් කථාව 24:12 - Sinhala New Revised Version 2018 එවිට බාලාම් පිළිතුරු දෙමින්, “මා වෙත ඔබ එවූ දූතයන්ට කතා කොට, Sinhala New Revised Version එවිට බාලාම් පිළිතුරු දෙමින්, “මා වෙත ඔබ එවූ දූතයන්ට කතා කොට, Sinhala Revised Old Version බාලාම්ද: බාලාක් තමුන් ගෙය පුරවා රන් රිදී මට දෙතත් මාගේම සිතින් යහපතවත් අයහපතවත් කිරීම පිණිස ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවායන්ට නොහැක්කෙමියි කියාද, |
එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය.
එවිට බාලාම් උත්තර දෙමින්, “මෙන්න, මම ඇවිත් සිටිමි. එහෙත්, යමක් කීමට මට ඇති බලය කුමක් ද? දෙවියන් වහන්සේ මට කියන දේ පමණක් මම ඔබට දන්වමි”යි සැළ කෙළේ ය.
එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමට ය. එහෙත් සමිඳාණන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූ සේකැ”යි කී ය.