අම්මොනි ජාතිකයෙක් වත්, මෝවබ් ජාතිකයෙක් වත්, දෙවියන් වහන්සේගේ සභාවට කිසි කලෙක ඇතුළු නොවන්නේ ය කියා ලියා තිබෙනවා සම්බ විය. ඒ සාපය අපේ දෙවියන් වහන්සේ ආශීර්වාදයකට හැරෙවූ සේක.
ගණන් කථාව 24:10 - Sinhala New Revised Version 2018 එවිට බාලාක් බාලාම්ට විරුද්ධ ව තදින් රොස් වී, අත් මිටමොළවා, ඔහු අමතමින්, “මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කරන්නට ය. එහෙත්, ඔබ කර ඇත්තේ තෙවරක් ම ඔවුන්ට ආසිරි පැතීම යි. Sinhala New Revised Version එවිට බාලාක් බාලාම්ට විරුද්ධ ව තදින් රොස් වී, අත් මිටමොළවා, ඔහු අමතමින්, “මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කරන්නට ය. එහෙත්, ඔබ කර ඇත්තේ තෙවරක් ම ඔවුන්ට ආසිරි පැතීම යි. Sinhala Revised Old Version එවිට බාලාක්ගේ කෝපය බාලාම්ට විරුද්ධව ඇවුළුණේය, ඔහු තමාගේ අත් එකට ගසා: මාගේ සතුරන්ට ශාපකරන පිණිස නුඹ කැඳවාගතිමි, එහෙත් නුඹ දැන් තුන් වරක් ඔවුන්ට ආශීර්වාද කෙළෙහිය. |
අම්මොනි ජාතිකයෙක් වත්, මෝවබ් ජාතිකයෙක් වත්, දෙවියන් වහන්සේගේ සභාවට කිසි කලෙක ඇතුළු නොවන්නේ ය කියා ලියා තිබෙනවා සම්බ විය. ඒ සාපය අපේ දෙවියන් වහන්සේ ආශීර්වාදයකට හැරෙවූ සේක.
“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, අත් දෙක එකට තට්ටු කරන්න. එවිට කඩුව නැවත නැවත පහර දෙන්නේ ය. එය මාරක කඩුවකි; බිය ගන්වන කඩුවකි; විනාශ කරන කඩුවකි.
මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”
“ ‘එබැවින් නුඹ ලබාගත් අයුතු ලාභ නිසාත්, නුඹ ඇතුළෙහි වූ නුඹේ ලේ වැගිරීම් නිසාත් මාගේ මිට මොළවා පහර දෙන්නෙමි.
‘බලන්න, මිසරයෙන් පිටත් ව මෙහි සෙනඟක් පැමිණ ඇත. ඔව්හු මාගේ රට පුරා පැතිරී සිටිති. දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත්, මට ඔවුන් පරාජය කොට, පන්නාදැමීමට පුළුවන් වනු ඇතැ’යි කියා දන්වා තිබේ ය”යි පැවසී ය.
මම ඔබට ගරු සම්මාන ප්‍රදානය කරමි, ඔබ ඉල්ලන්නේ කුමක් ද, ඒ දේ මම දෙමි. එබැවින් කරුණාකර, මෙහි පැමිණ, මා වෙනුවෙන් මේ සෙනඟට සාප කරන්න’ කියා ඉල්ලා සිටින්නේ ය”යි සැළ කළහ.
දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ, මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත් ඔවුන්ට පහර දී මේ රටින් ඔවුන් පන්නාදැමීමට අපට පුළුවන් වනු ඇත. මන්ද, ඔබ යමෙකුට ආසිරි පැතුවොත් ආසිරි ලැබෙන බවත්, සාප කළොත් සාප ලැබෙන බවත් මම දනිමි.”
එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය.
එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමට ය. එහෙත් සමිඳාණන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූ සේකැ”යි කී ය.
සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති. උන් අවදි කරන්නට සමතා කවරෙක් ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි; ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.”