ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය.
ගණන් කථාව 22:9 - Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, “නුඹ සමඟ සිටින මේ මිනිස්සු කවුරු දැ”යි ඇසූ සේක. Sinhala New Revised Version දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, “නුඹ සමඟ සිටින මේ මිනිස්සු කවුරු දැ”යි ඇසූ සේක. Sinhala Revised Old Version දෙවියන්වහන්සේ බාලාම් වෙතට අවුත්: නුඹ සමඟ සිටින මේ මනුෂ්‍යයෝ කවුරුදැයි ඇසූසේක. |
ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය.
එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක.
තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.
එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, “නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය.
එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, “සැරයටියකැ”යි කී ය.
බාලාම් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “මෝවබ්හි රජ වූ ශිප්පෝර්ගේ පුත් බාලාක් මා වෙත දූතයන් එවා,
එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක.
ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අද රෑ මෙහි නවතින්න. සමිඳාණන් වහන්සේ මට කියන ලෙස මම යළි ඔබට දන්වන්නෙමි”යි කී ය. මෝවබ්හි ප්‍රජා මූලිකයෝ ද බාලාම් සමඟ නවාතැන් ගත්හ.
කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත.
මෙය ඔහු ම හිතා කී දෙයක් නොවේ. ඒ වනාහි, ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයා ව සිටි බැවින්, ජේසුස් වහන්සේ ජාතිය උදෙසා ද,