එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය.
ගණන් කථාව 22:19 - Sinhala New Revised Version 2018 එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය. Sinhala New Revised Version එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය. Sinhala Revised Old Version එබැවින් ස්වාමීන්වහන්සේ තවත් මට කියන්නේ කිමෙක්දැයි මා දැනගන්නා පිණිස නුඹලාත් අද රාත්‍රියේ මෙහි සිටින්නැයි කීවේය. |
එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය.
එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක.
ඔව්හු හරිමඟ හැර දමා මුළා වූ හ. මුදලට තණ්හාවෙන් අයුතුකම් කිරීමට කැමැති වූ බෙයෝර්ගේ පුත් බාලාම් දිවැසිවරයාගේ මාර්ගයේ ඔව්හු ගියහ.
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.
අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.