එවිට ඒ මනුෂ්‍යයා, “ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි. මේ ස්ථානයේ දී මා කිසිවක් කන්නේ වත්, වතුර බොන්නේ වත් නැත.
ගණන් කථාව 22:18 - Sinhala New Revised Version 2018 එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය. Sinhala New Revised Version එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය. Sinhala Revised Old Version බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි. |
එවිට ඒ මනුෂ්‍යයා, “ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි. මේ ස්ථානයේ දී මා කිසිවක් කන්නේ වත්, වතුර බොන්නේ වත් නැත.
මීකායා ද කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා දිවුරා කියන්නේ, උන් වහන්සේ මට කියන දේ ය”යි පැවසී ය.
මීකායා ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මාගේ දෙවියන් වහන්සේ කියන දෙය ම කතා කරන්නෙමි”යි කීවේ ය.
එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය.
එවිට බාලාම් උත්තර දෙමින්, “මෙන්න, මම ඇවිත් සිටිමි. එහෙත්, යමක් කීමට මට ඇති බලය කුමක් ද? දෙවියන් වහන්සේ මට කියන දේ පමණක් මම ඔබට දන්වමි”යි සැළ කෙළේ ය.
ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අද රෑ මෙහි නවතින්න. සමිඳාණන් වහන්සේ මට කියන ලෙස මම යළි ඔබට දන්වන්නෙමි”යි කී ය. මෝවබ්හි ප්‍රජා මූලිකයෝ ද බාලාම් සමඟ නවාතැන් ගත්හ.
ඔහු උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ කියන දේ මා කළ යුතු බව මම ඔබට කලින් නොකීවෙම් දැ”යි ඇසී ය.
“බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද?
එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා.
ඔව්හු දෙවියන් වහන්සේ දන්නා බව කියති. එහෙත් ස්වකීය ක්‍රියාවලින් උන් වහන්සේ නාඳුනන බව දක්වති; ඔව්හු පිළිකුල් ව, මුරණ්ඩු ව, යහපත කිරීමට අපොහොසත් ව සිටිති.
එහෙත්, මා බාලාම්ට සවන් දීමට නොකැමැති වූ බැවින් ඔහු නුඹලාට ආශීර්වාද කෙළේ ය. මෙසේ මම ඔවුන්ගේ අතින් නුඹලා ගැළවීමි.