අප සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, උන් වහන්සේ අප හඬට සවන් දී දූතයෙකු එවමින් මිසරයෙන් අප පිටතට ගෙනා සේක. මෙන්න, දැන් අපි ඔබේ දේශ සීමාවන්හි පිහිටි කාදෙෂ් නම් නුවර නැවතී සිටිමු.
ගණන් කථාව 21:22 - Sinhala New Revised Version 2018 “ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙනු මැනව, ඔබේ කෙත් වතුවලට හෝ මිදි වතුවලට හෝ නොයන්නෙමු. ළිංවලින් වතුර නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කරන තෙක් රජ මාවත ඔස්සේ ම යන්නෙමු”යි සැළ කළහ. Sinhala New Revised Version “ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙනු මැනව, ඔබේ කෙත් වතුවලට හෝ මිදි වතුවලට හෝ නොයන්නෙමු. ළිංවලින් වතුර නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කරන තෙක් රජ මාවත ඔස්සේ ම යන්නෙමු”යි සැළ කළහ. Sinhala Revised Old Version නුඹේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. අපි කෙත්වලටවත් මිදිවතුවලටවත් නොහැරෙන්නෙමුව. ළින්වලින් වතුර නොබොන්නෙමුව. නුඹේ සීමාව පසුකරන තෙක් රජ මාවත යන්නෙමුයයි කියන්ට කීවෝය. |
අප සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, උන් වහන්සේ අප හඬට සවන් දී දූතයෙකු එවමින් මිසරයෙන් අප පිටතට ගෙනා සේක. මෙන්න, දැන් අපි ඔබේ දේශ සීමාවන්හි පිහිටි කාදෙෂ් නම් නුවර නැවතී සිටිමු.
කරුණාකර ඔබේ දේශය මැදින් ගමන් කිරීමට අපට අවසර දෙනු මැනවි. කෙත් වතු හෝ මිදි වතු හෝ මැදින් අපි නොයන්නෙමු. ඔබේ ළිංවලින් ජලය ද අපි නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කර යන තෙක් දකුණතට හෝ වමතට හෝ නොහැරී අපි රජ මාවත ඔස්සේ ම යන්නෙමු.”