ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:10 - Sinhala New Revised Version 2018

දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දකුණු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට රූබෙන්ගේ අන්දායමේ ධජයට අයිති අය සිටිත්වා. රූබෙන්ගේ පුත්‍රයන්ට අධිපතියා ෂෙදෙයූර්ගේ පුත්‍රවූ එලිශූර් වන්නේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:10
8 හුවමාරු යොමු  

ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය.


මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.


ඉන්පසු රූබන්ගේ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. රූබන්ගේ සේනාංකයේ සෙන්පතියා ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් විය.


හොරණෑව දෙ වන වරටත් රණ හඬ නැඟුව විට දක්ෂිණ දිශාවේ කූඩාරම්වල අය පිටත් විය යුතු ය. මෙලෙස පිටත් වී යාම රණ හඬ අනුව විය යුතු වේ.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් හයදාස් පන්සියයක් වේ.


සතර වන දවසේ දී ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් වන රූබන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.


සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂෙදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය.