යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න. නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.
ගණන් කථාව 19:16 - Sinhala New Revised Version 2018 එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය. Sinhala New Revised Version එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය. Sinhala Revised Old Version කඩුවෙන් මැරුම්කෑ කෙනෙකුටවත් මළකඳකවත් මිනී ඇටයකවත් මිනී වළකවත් එළිමහනේදී ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍ර වන්නේය. |
යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න. නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය.
තවද, යමෙකු මැරූ අය ද මැරුම්කෑ කෙනෙකු ස්පර්ශ කළ අය ද හත් දිනක් කඳවුරෙන් බැහැර සිටිය යුතු ය. තුන් වන දින සහ සත් වන දින ඔබ ද සිරකරුවන් ද පවිත්‍ර විය යුතු ය.
“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.
මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ මිනිසුන් සමහරෙක් එහි සිටියෝ ය. ඔවුන්ට එදින පාස්කුව පැවැත්වීමට නොහැකි වූ බැවින්, ඔව්හු එදින ම මෝසෙස් හා ආරොන් වෙතට පැමිණ
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන ය. ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ.