ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 16:18 - Sinhala New Revised Version 2018

සියල්ලෝ ම තම තමන්ගේ ධූම පාත්‍ර රැගෙන ඒවායේ ගිනි අඟුරු බහා, ඒ මත සුවඳ ද්‍රව්‍ය දමා, මෝසෙස් සහ ආරොන් සමඟ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සියල්ලෝ ම තම තමන්ගේ ධූම පාත්‍ර රැගෙන ඒවායේ ගිනි අඟුරු බහා, ඒ මත සුවඳ ද්‍රව්‍ය දමා, මෝසෙස් සහ ආරොන් සමඟ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේ ඔව්හු එකිනෙකා තම තමාගේ ධූප භාජනය ගෙන, ඒවායේ ගිනිබහා, එහි සුවඳ ද්‍රව්‍ය ලා, මෝසෙස් හා ආරොන් සමඟ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටගත්හ.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 16:18
7 හුවමාරු යොමු  

එහෙත්, ඔහු බලවත් වන්න වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමෙන් තම දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරද කෙළේ ය.


ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාසනයෙන් දැල්වෙන ගිනි අඟුරු ගෙන දුම් බඳුනක් පුරවා, හොඳට කුඩු කළ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද ගෙන, තිරය පිටුපසට පැමිණ


උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් වලාකුළකින් ගිවිසුම් කරඬුව උඩ ඇති කරුණාසනය වැසෙන පිණිස ගිනි අඟුරු මත සුවඳ ද්‍රව්‍ය දැමිය යුතු ය. මෙසේ කළොත්, ඔහු මැරෙන්නේ නැත.


තවද, සැම කෙනෙක් ම තම තමාගේ ධූම පාත්‍රය රැගෙන, ඒවායේ සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒ ධූම පාත්‍ර ද ගෙන ආ යුතු ය. මෙලෙස එහි ධූම පාත්‍ර දෙසිය පණහක් වනු ඇත. ආරොන් ද සිය ධූම පාත්‍රය ගෙන ආ යුතු ය”යි කී ය.


ඔවුන්ට මූණ ලා සිටින පරිදි, කෝරා තම මුළු පිරිස සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එක්රැස් කොට ගත්තේ ය. එවිට මුළු ජනතාවට ම සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.


“පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට, ‘අළු මැදින් ධූම පාත්‍ර ඉවතට ගෙන ගිනි අඟුරු අහකට හළා දමන්නැ’යි කියන්න. මන්ද ඒවා ශුද්ධ ය.


මෙසේ මළවුන් හා ජීවතුන් මැද ඔහු සිටගත් කල වසංගතය නැවතිණි.