ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය.
ගණන් කථාව 16:16 - Sinhala New Revised Version 2018 මෝසෙස් කෝරාට කතා කොට, “හෙට ඔබත්, ඔබගේ මුළු පිරිසත් සමිඳාණන් වහන්සේ ඉදිරියට ආ යුතු ය. ආරොන් ද එහි එනු ඇත. Sinhala New Revised Version මෝසෙස් කෝරාට කතා කොට, “හෙට ඔබත්, ඔබගේ මුළු පිරිසත් සමිඳාණන් වහන්සේ ඉදිරියට ආ යුතු ය. ආරොන් ද එහි එනු ඇත. Sinhala Revised Old Version තවද මෝසෙස් කෝරාට කියනුයේ: නුඹ සහ නුඹේ මුළු සභාවද ආරොන්ද හෙට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට, |
ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය.
සමිඳාණන් වහන්සේ හදිසියෙන් මෝසෙස්ට, ආරොන්ට සහ මීරියම්ට කතා කොට, “නුඹලා තිදෙන සම්මුඛ මණ්ඩපයට නික්ම ආ යුතු ය”යි වදාළ සේක. ඔව්හු ද එහි ගියහ.
මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය.
තවද, සැම කෙනෙක් ම තම තමාගේ ධූම පාත්‍රය රැගෙන, ඒවායේ සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒ ධූම පාත්‍ර ද ගෙන ආ යුතු ය. මෙලෙස එහි ධූම පාත්‍ර දෙසිය පණහක් වනු ඇත. ආරොන් ද සිය ධූම පාත්‍රය ගෙන ආ යුතු ය”යි කී ය.
මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න.
මෙන්න, මම මෙහි සිටිමි. මා යම් වරදක් කර තිබේ නම්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ද උන් වහන්සේ තෝරාගත් රජ්ජුරුවන් ඉදිරියෙහි ද දැන් මට විරුද්ධ ව පැමිණිලි කරන්න. මම කවරෙකුගේ හරකා ගතිම් ද? කවරෙකුගේ කොටළුවා ගතිම් ද? කවරෙකුට අයුත්තක් කෙළෙම් ද? කවරෙකුට පීඩා කෙළෙම් ද? කවරෙකුගෙන් අල්ලසක් ගතිම් ද? මේවා ගැන මම වරදකාරයෙක් නම්, මා ගත් දේ ආපසු දෙන්නෙමි.”
එබැවින් ඔබටත්, ඔබේ පියවරුන්ටත් සමිඳාණන් වහන්සේ කළ සියලු බලවත් ක්‍රියා ගැන මා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබට මතක් කර දෙන පිණිස නිශ්චල ව සිටින්න.