ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 15:21 - Sinhala New Revised Version 2018

මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ පූපයක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාගේ ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලාගේ පරම්පරාවන්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 15:21
8 හුවමාරු යොමු  

ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට, ආරොන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමඟ සිටින හැටියටත් නියම කරගතිමු.


“නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩම්වලින් හොඳ ම නාඹුල් පල ගෙනා යුතු ය. “එළු පැටවෙකු උගේ මවගේ කිරෙන් නොපිසිය යුතු ය.”


සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.


සියලු ම දේවල්, සියලු ම ප්‍රථම පලවලින් පළමු ඒවා ද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ල ද පූජකයන්ට වන්නේ ය. නුඹේ පවුලට ආශීර්වාදයක් ලැබෙන පිණිස නුඹලා ඇනූ පිටියෙන් මුල් ම කොටස පූජකයන්ට දෙන්න.


නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”


අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ පූපයක් ද ඔප්පු කළ යුතු ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ මේ සියලු ආඥා යම් කිසි අතපසු වීමකින් නුඹලා කඩ කළොත්


“ලෙවීවරුන්ට කතා කොට මෙය කියන්න: ‘නුඹලාට උරුම කොට දුන් දසයෙන් කොටස නුඹලා ඉශ්රායෙල් ජනයාගෙන් ගන්න විට, එයිනුත් දසයෙන් කොටසක් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.