අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ පූපයක් ද ඔප්පු කළ යුතු ය.
අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක් ද ඔප්පු කළ යුතු ය.
ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලා රොටියක් සාදා එසවීමේ පූජාවක් පිණිස ඔප්පුකරන්න. පාවරේ එසවීමේ පූජාව මෙන් ඒකත් ඔසවන්න.
අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,
“නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩම්වලින් හොඳ ම නාඹුල් පල ගෙනා යුතු ය. “එළු පැටවෙකු උගේ මවගේ කිරෙන් නොපිසිය යුතු ය.”
“නුඹේ කෙත්වලින් ඉස්තරම් නාඹුල් පල නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතු ය. “තවද එළු පැටියෙකු උගේ මවගේ කිරෙහි නොපිසිය යුතු ය.”
සියලු ම දේවල්, සියලු ම ප්‍රථම පලවලින් පළමු ඒවා ද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ල ද පූජකයන්ට වන්නේ ය. නුඹේ පවුලට ආශීර්වාදයක් ලැබෙන පිණිස නුඹලා ඇනූ පිටියෙන් මුල් ම කොටස පූජකයන්ට දෙන්න.
මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.
නුඹ නාඹුල් පලවලින් ධාන්‍ය පූජාව පුදන්නෙහි නම්, එම පූජාව වශයෙන්, නුඹ ගින්නෙන් බදින ලද අමු තිරිඟු කරල් හෝ එවැනි කරල්වලින් පොඩි කරන ලද ධාන්‍ය හෝ ගත යුතු ය.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ, එහි අස්වැන්න නෙළාගත් විට, අස්වැන්නෙන් පළමුවෙන් ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතු ය.
පූජකවරයා නාඹුල් පල වශයෙන් ගත් පූප සමඟ බැටළු පැටියන් දෙදෙනෙකු පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් පුද කළ යුතු ය. උන් වහන්සේට ශුද්ධ පඬුරු වන ඒවා පූජකවරයාට හිමි වනු ඇත.
මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ පූපයක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය.
“ඔවුන් මට පුදන ඉතා අගනා තෙල් ද ඉස්තරම් මිදිපැන් ද හොඳ ම ධාන්‍ය සහ ඉතා වටිනා නාඹුල් පල ද මම නුඹට දෙන්නෙමි.
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.
තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැප කර ඇත්නම්, පිපෙන මුළු පිඩ ද කැප වී ඇත. ගසේ මුල කැප කර ඇත්නම්, අතු ද කැප වී ඇත.
එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ.
“අවුරුදුපතා ඔබේ කෙතෙන් ලැබෙන පලදාවෙන් දසයෙන් කොටස ඔබ දිය යුතු ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි ඔබේ ධනධාන්‍යයෙන්, මිදියුසින් සහ තෙල්වලින් දසයෙන් කොටස ද, ගව පට්ටිවල සහ එළු බැටළු පට්ටිවල කුලුඳුල් සතුන් ද අනුභව කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඔබ ඉගෙනගනු ඇත.
“ඔබේ ධනධාන්‍ය සහ මිදි ඔබ එකතු කළායින් පසු, දින හතක් ඔබ කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතු ය.
උන් වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.
ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු බ්‍රහ්මචාරීහු ය. ඔව්හු, බැටළු පෝතකයාණන් යන යන තැන, උන් වහන්සේ අනුව යන්නෝ වෙති. ඔව්හු දෙවියන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් නාඹුල් පල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදා ගන්නා ලද්දෝ ය.