එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,
ගණන් කථාව 14:6 - Sinhala New Revised Version 2018 රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ. Sinhala New Revised Version රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ. Sinhala Revised Old Version දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, |
එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,
දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය.
එවිට ඔව්හු දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම තමන් කොටළුවන් පිට බඩු පටවාගෙන ආපසු නගරය බලා පැමිණියෝ ය.
දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, “දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය.
එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.
මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:
එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය.
එහෙත් මාගේ සේවක කාලෙබ්ට සෙස්සන්ට වඩා වෙනස් ආකල්පයක් තිබුණු හෙයිනුත්, ඔහු මට සම්පූර්ණයෙන් ම පක්ෂපාත ව සිටි හෙයිනුත්, ඔහු ඇතුළු වූ රටට මම ඔහු පමුණුවන්නෙමි. ඔහුගේ පෙළපත ද එය හිමි කරගනු ඇත.’
ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත.
එහෙත්, රට ගැන ඔත්තු බැලූ චරපුරුෂයන් අතර නූන්ගේ පුත් ජෝෂුවා සහ ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් නොමැරී ඉතිරි වූ හ.
ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි.
එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය.
එහෙත් අපෝස්තුළුවරුන් වූ බාර්ණබස් ද පාවුලු ද ඒ ගැන අසා, තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහයා අතරට දිව ගොස්, මොරගසා,
එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.
ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.
ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.