එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “දැන් ඉතින් ඔබේ සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ.
නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් නුඹලා මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද?
දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය.
දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති. එතුමන්ගේ උදහස් මාරුතයෙන් ඔව්හු සැම ම පහ වී යති.
නුඹලා ලජ්ජාවෙන් ඔලුව බදාගෙන මිසරයෙන් ද පිටතට යන්නහු ය. ස්වාමීන් වන මම නුඹලා විශ්වාස කළ අය ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන් නුඹලාට සව් සැප අත්කර දෙන්නේ නැත.”
ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක.
“එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘ඔවුන්ට නොයන්නටත්, සටන් නොකරන්නටත් කියන්න. මන්ද, මා ඔබ සමඟ වැඩ නොසිටින බැවින් ඔබේ සතුරන් ඔබ පරාජය කරනු ඇතැ’යි වදාළ සේක.
එහෙත්, සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවී කොල්ලය පිට කඩා පැන, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි වැරදි සහිත දේ කෙළේ මක්නිසා දැ”යි ඇසී ය.