ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
ගණන් කථාව 13:29 - Sinhala New Revised Version 2018 අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ. Sinhala New Revised Version අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ. Sinhala Revised Old Version අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය. |
ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
ඔබ ඉදිරියෙහි ඔහු විශ්වාසවන්ත ව සිටින බව දැක, ඔබ කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද දේශය දෙන්නට, ඔහුගේ වංශයට දෙන්නට ඔහු සමඟ ගිවිසුමක් කර ඔබේ පොරොන්දුව ඔබ ඉෂ්ට කළ සේක. කුමක් නිසා ද ඔබ ධර්මිෂ්ඨ ය.
මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.
එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.
මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
මෝසෙස් කානාන් දේශයට ඔවුන් චරපුරුෂයන් සේ යවමින්, ඔවුන් අමතා, “දකුණු දිශාවට ගොස්, ඉන්පසු කඳුකරයට යන්න.
එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය.
දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක.
ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය.
එවිට කඳුකර ප්‍රදේශයෙහි විසූ අමලෙක්වරු ද කානානිවරු ද බැස අවුත් ඔවුන්ට පහර දී හොර්මා නම් ස්ථානය දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.
එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.”
දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ප්‍රකාර හිත්තීවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද යන සියල්ලන් සහමුලින් ම වනසාලිය යුතු ය.
ඔබ අයිති කරගන්නට යන දේශයට “දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පැමිණෙවූ කල, ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල, බලවත් ජාතීන් හතක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන් ද, අමෝරිවරුන් සහ කානානිවරුන් ද, පෙරෙස්සිවරුන් සහ හිවීවරුන් ද, ජෙබුසිවරුන් ද උන් වහන්සේ පලවා හරින සේක.
එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය.
එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:
ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: “ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බවත්, උන් වහන්සේ නොඅනුමානව ම ඔබ ඉදිරියෙන් කානානිවරුන් සහ හිත්තීවරුන් ද හිවීවරුන් සහ පෙරිස්සිවරුන් ද ගිර්ගාෂිවරුන් සහ අමෝරිවරුන් ද ජෙබුසිවරුන් ද පන්නා දමන බවත් ඔබ මෙයින් දැනගන්නහු ය.
ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ.
ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල,
ඉශ්රායෙල් සෙනඟ කානානිවරුන් ද හිත්තීවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද අතරෙහි වාසය කළහ.
ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය.
ඔහු වික්‍රමාන්විත ක්‍රියා කරමින් අමලෙක්වරුන්ට පහර දී ඉශ්රායෙල්වරුන්ව කොල්ලකන අයගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේ ය.
දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිටත් ව ගෙෂුර්වරුන්ට ද ගිර්ශිවරුන්ට ද අමලෙක්වරුන්ට ද විරුද්ධ ආක්‍රමණයේ දී කොල්ලකෑමට ගියෝ ය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වා ද මිසර දේශය දක්වා ද යන ප්‍රදේශයේ පෙර සිට වාසය කළහ.
දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා,
පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.