ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය.
ගණන් කථාව 12:2 - Sinhala New Revised Version 2018 “සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි. Sinhala New Revised Version “සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි. Sinhala Revised Old Version ඔව්හුද: ස්වාමීන්වහන්සේ කථාකෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? උන්වහන්සේ අප ලවාත් කථානොකෙරෙවුසේක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේ ඒක ඇසූසේක. |
ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය.
වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.
ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ උදහසින් ඇවිළී, “නුඹේ සහෝදරයා වන ලෙවීයකු වූ ආරොන් ඉන්නවා නොවේ ද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න, නුඹ හමු වීමට ඔහු එනු ඇත; ඔහු ද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත.
ඉන්පසු ආරොන්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල කියා දී, සෙනඟ ඉදිරිපිට හාස්කම් පෑවේ ය.
ඉන්පසු මෝසෙස් ද ආරොන් ද පාරාවෝ වෙත පැමිණ, “ ‘පාළුකරයෙහි මාගේ නාමයෙන් මංගල්‍යයක් පවත්වනු පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න’ කියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, වදාරන සේකැ”යි කී හ.
ඉන්පසු මෝසෙස් සහ ආරොන් ද පාරාවෝ වෙත ගොස් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ඉටු කළහ. ආරොන් තම සැරයටිය පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි දැමූ විට එය සර්පයෙක් විය.
අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”
මම නුඹලා, මිසරයෙන් පිටතට ගෙනාවෙමි; වහල්කමේ නිවාසයෙන් මිදුවෙමි. නුඹලාට මඟපෙන්වන පිණිස මෝසෙස් සමඟ ආරොන් ද මීරියම් ද නුඹලා වෙත එවීමි.
සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය.
මෝසෙස් ඔහුට කතා කොට, “ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.
ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.
සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.
ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි.
පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.
තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.