ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 7:49 - Sinhala New Revised Version 2018

‘අහස මාගේ සිහසුන ය, පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද? නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

‘අහස මාගේ සිහසුන ය, පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද? නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ ‘ස්වර්ගය මාගේ සිංහාසනයයි; පොළොව මාගේ පා පුටුවයි. මා උදෙසා ඔබ තනන්නේ කෙබඳු ගෘහයක් දැයි? ස්වාමින්වහන්සේ පවසන සේක. නො එසේ නම් මට විවේකාගාරය වන්නේ කොතැන ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වර්ගය මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. කෙබඳු ගෘහයක් නුඹලා මට ගොඩනගවුද? නොහොත් මාගේ විශ්‍රාමස්ථානය කිමෙක්ද?

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 7:49
13 හුවමාරු යොමු  

මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.


“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?


“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!


හිමිතුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමිතුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.


සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?


මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?


ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ස්වර්ගයේ නාමයෙන් දිවුරන්නා ද දෙවියන් වහන්සේගේත්, සිංහාසනයේත් නාමයෙන් හා එහි වැඩ හිඳින තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නේ ය.


එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය.


මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.