එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.
ක්‍රියා 7:33 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි. සිංහල කාලීන පරිවර්තනය “එවිට ස්වාමින්වහන්සේ, ‘ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: නුඹේ පාදවලින් වහන් මුදව; මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියක්ය. |
එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.
ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට ප්‍රවේසම් වන්න; අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා කීකරු වෙමින් ළං වීම හොඳ ය. මන්ද, තමන් නපුර කරන බව ඔව්හු නොදනිති.
මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක.
සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ජෝෂුවාට කතා කොට, “නුඹ සිටින තැන ශුද්ධ භූමියක් නිසා නුඹේ පාවහන් ගලවන්නැ”යි කීවේ ය. ජෝෂුවා ද එසේ කෙළේ ය.
උන් වහන්සේ සමඟ ශුද්ධ කන්ද මත සිටිය දී මේ හඬ ස්වර්ගයෙන් නික්ම එනු අපි අපේ ම කන්වලින් ඇසීමු.