ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 3:7 - Sinhala New Revised Version 2018

එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගුටු වීය. එකෙණෙහිම ඔහුගේ කොර පාද හා වළලුකර සවිවූයෙන්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 3:7
9 හුවමාරු යොමු  

උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.


ඇය අතින් අල්ලා, “තලිතාකුමි”යි ඈට වදාළ සේක. එහි අර්ථය: “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය.


එහෙත් ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසෙවූ සේක. ඔහු සිටගත්තේ ය.


ඈ පිට අත් තැබූ සේක. එකෙණෙහි ම ඈ කෙළින් සිට, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා ය.


එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය.


ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය.


“අපි මේ මිනිසුන්ට කුමක් කරමු ද? ඔවුන් විසින් විශිෂ්ඨ, අරුමපුදුම දෙයක් කරන ලද බව ජෙරුසලමෙහි සියලු වැසියන්ට පෙනී ගොස් ඇත. එවැන්නක් නැතැ යි කියන්නට අපට නොහැකි ය.


කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේ ද යන්න ගැන හා අද අපි විමසනු ලබමු නම්,


ඔහු ඈ අතින් අල්ලා නැඟිටුවා, සැදැහැවතුන් ද වැන්දඹුවන් ද කැඳවා, පණපිටින් සිටි ඇය ඔවුන්ට භාර දුන්නේ ය.