“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
ක්‍රියා 23:5 - Sinhala New Revised Version 2018 පාවුලු ද “සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටියෙමි. මන්ද, ‘ඔබේ සෙනඟගේ ප්‍රධානියා ගැන අපවාද නොකියන්නැ’යි ලියා තිබේ ය”යි කී ය. Sinhala New Revised Version පාවුලු ද “සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටියෙමි. මන්ද, ‘ඔබේ සෙනඟගේ ප්‍රධානියා ගැන අපවාද නොකියන්නැ’යි ලියා තිබේ ය”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය පාවුල් පිළිතුරු දෙමින්, “සහෝදරයිනි, ඔහු උත්තම පූජකයා බව මා දැන සිටියේ නැහැ. මන්ද ‘ඔබේ ජනයාගේ පාලකයා ගැන අගුණ නො කියන්නැ’ කියා ලියා ඇතැ” යි පැවසී ය. Sinhala Revised Old Version පාවුල්ද: සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියෙමි. මක්නිසාද–නුඹේ සෙනඟගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නැයි ලියා තිබේයයි කීවේය. |
“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
ඔබේ සිතෙන් වත් රජුට දෙස් නොකියන්න; ඔබේ යහන් ගබඩාවේ දී වත් වස්තුකාරයන්ට දොස් නොකියන්න. අහසේ පියාඹන සක්වාලිහිණියෙකු ඒ දන්වනු ඇත.
විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආධිපත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක. සාහසික අහංකාරී මොවුහු, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට බිය නොවෙති.