ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 21:37 - Sinhala New Revised Version 2018

පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, “ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා “ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, “ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා “ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

හේවායින් කඳවුර තුළට තමා ගෙන යෑමට සැරසෙද්දී, සෙන්පති ඇමතූ පාවුල්, “ඔබට වචනයක් කියන්න අවසර දැ?” යි ඇසී ය. එවිට සෙන්පති, “හෝ! ඔබ ග්‍රීක් බස දන්නවා ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පාවුල් කොටුව ඇතුළට ගෙනයනු ලබද්දී: ඔබට වචනයක් කියන්ට මට අවසර ඇද්දැයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු: නුඹට ග්‍රීක් භාෂාව පුළුවන්ද?

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 21:37
8 හුවමාරු යොමු  

මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.


පාවුලු සෙනඟ මැදට යන්නට සිතූ නමුත් ශ්‍රාවකයෝ ඔහුට ඉඩ නුදුන්හ.


ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය.


එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය.


එබැවින් සේනාධිපතියා ඔහු බලකොටුවට ගෙන යන්නට අණ කොට, කුමන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධ ව එසේ මොරගැසුවෝ දැ යි දැන ගන්නා පිණිස, ඔහුට කසයෙන් තළා විභාග කරන්නට නියම කෙළේ ය.


එවිට භේදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබැලි කොට ඉරාදමනු ඇතැ යි සේනාධිපතියා බිය වී, හේවායන්ට කතා කොට, ඔවුන් වෙතින් ඔහු පැහැර ගෙන බලකොටුවට ගෙන යාමට අණ කෙළේ ය.


ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය.