ක්‍රියා 21:16 - Sinhala New Revised Version 2018 කායිසාරියේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් අප සමඟ අවුත් බොහෝ කලෙක පටන් ශ්‍රාවකයෙකු ව සිටි සයිප්‍රසයේ මීනාසොන් නම් කෙනෙකු වෙත නවාතැන් ගන්නට අප කැඳවාගෙන ගියහ. Sinhala New Revised Version කායිසාරියේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් අප සමඟ අවුත් බොහෝ කලෙක පටන් ශ්‍රාවකයෙකු ව සිටි සයිප්‍රසයේ මීනාසොන් නම් කෙනෙකු වෙත නවාතැන් ගන්නට අප කැඳවාගෙන ගියහ. සිංහල කාලීන පරිවර්තනය කායිසාරියේ ගෝලයින් කීප දෙනෙක් අප සමඟ අවුත්, අප නවාතැන් ගත යුතුව තිබූ මිනාසොන්ගේ නිවෙස වෙත අප කැඳවාගෙන ගියහ. සයිප්‍රස් ජාතිකයකු වූ ඔහු මුල් ගෝලයන්ගෙන් කෙනෙකි. Sinhala Revised Old Version ගෝලයන්ගෙන් සමහරෙක්ද කායිසාරියෙන් අප සමඟ ඇවිත්, බොහෝ කලක පටන් ගෝලයෙක්ව සිටියාවූ මිනාසොන් නම්වූ කුප්‍රසේ කෙනෙකු වෙත නවාතැන්ගන්ට අප කැඳවාගෙන ගියෝය. |
ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය.
ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු, කීප දවසක් තමන් සමඟ නැවතී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලූ හ.
ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ.
ඒ ගැන දැඩි විවාදයක් හටගත් බැවින්, ඔව්හු එකිනෙකාගෙන් වෙන් ව ගියහ. බාර්ණබස් මාක් කැඳවාගෙන, සයිප්‍රසයට නැවෙන් ගියේ ය;
දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.
පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු.
එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි අපෝස්තුළුවරුන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය.
ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.
මගේ ම රටවැසියන් වූ මා සමඟ සිරගත ව සිටි, අන්ද්‍රෝනිකස්ට හා ජුනියස්ට මාගේ ආචාරය පිරිනමන්න. අපෝස්තුළුවරුන් අතර කීර්තියක් දරන මොවුහු මට පළමුවෙන් කිතුනුවෝ වූ හ.
එසේ නොකර, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින, පාවුලු නම් මම, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි.