ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 20:2 - Sinhala New Revised Version 2018

ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, ග්‍රීසියට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, ග්‍රීසියට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එපෙදෙස් ඔස්සේ ගමන් කරමින්, ඇදහිලිවතුන් ධෛර්යවත් කළ ඔහු, අනතුරුව ග්‍රීසියට ළඟා වී,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන්ට බොහෝ අවවාද දී, ග්‍රීසියට ආවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 20:2
17 හුවමාරු යොමු  

මම ජුදා රට දුන්නක් මෙන් ද එප්‍රායිම් ඊතල මෙන් ද සූදානම් කරගෙන සිටිමි. ග්‍රීසියේ ජනයාට විරුද්ධ ව සටන් කරන පිණිස මම සියොන්හි ජනයා රණශූරයකුගේ කඩුවක් මෙන් යොදාගන්නෙමි.


මෙ‍සේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය.


“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.


සභාවන් ස්ථීර කරමින්, සිරියාව සහ සිලිසියාව මැදින් ගමන් කෙළේ ය.


එයින් මසිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරය වූ ද, රෝම ජනපදයක් වූ ද පිලිප්පියට අවුත්, එහි කීප දවසක් නැවතී සිටියෙමු.


ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි.


රෑ වූ විගස සහෝදරයෝ පාවුලු ද සීලස් ද බෙරියාවට යැවූ හ. ඔව්හු එහි පැමිණ ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවට ඇතුළු වූ හ.


ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, “මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය.


කෝලාහලය සංසිඳුන පසු පාවුලු ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ධෛර්යවත් කොට, ඔවුන්ගෙන් සමුගෙන මසිදෝනිය බලා නික්ම ගියේ ය.


ඔහු නැවත උඩුමහලට ගොස්, පූප කඩා වළඳා, ඔවුන් සමඟ පහන් වන තුරු බොහෝ වේලාවක් කතා කර, පසුව පිටත් ව ගියේ ය.


ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය.


එහෙත් සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් නම්, මම නොපමා ව ඔබ වෙත අවුත්, අහංකාර අයගේ කථිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි.


අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.


පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය.


අපගේ අයැදීම මුළාවෙන් හෝ, අපිරිසුදු චේතනාවෙන් හෝ වන්නක් නොවේ. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත.


සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු.