ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය.
ක්‍රියා 20:18 - Sinhala New Revised Version 2018 ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, “මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය. Sinhala New Revised Version ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, “මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් ආ කල්හි ඔහු ඔවුන්ට මෙසේ පැවසී ය. “මා ආසියා කලාපයට පැමිණි පළමු දවසේ පටන් ඔබ සමඟ ඒ මුළු කාලයම ගත කළේ කෙසේ ද කියා ඔබ දනී. Sinhala Revised Old Version ඔවුන් ඔහු ළඟට ආ කල ඔහු ඔවුන්ට කථාකොට: මා ආසියාවට ආ පළමුවෙනිදා පටන් මුළු කාලය නුඹලා සමඟ ගතකළ හැටි නුඹලා දන්නහුය. |
ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය.
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ.
මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.
ආසියාවෙහි කල් ගත කරන්නට සිදු නොවන පිණිස, එපීසය පසු කර යන්නට ඔහු තීරණය කරගෙන සිටියේ ය. එසේ කෙළේ, හැකි නම් පෙන්තකොස්ත දවසේ ජෙරුසලමේ සිටින්නට පාවුලු ඉක්මන් කළ බැවිනි.
පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ.
අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.