අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි.
ක්‍රියා 20:14 - Sinhala New Revised Version 2018 අසොස්හි දී අපට ඔහු හමු වූයෙන්, අපි ඔහු නැවට නංවා ගෙන මිතුලේනට පැමිණියෙමු. Sinhala New Revised Version අසොස්හි දී අපට ඔහු හමු වූයෙන්, අපි ඔහු නැවට නංවා ගෙන මිතුලේනට පැමිණියෙමු. සිංහල කාලීන පරිවර්තනය අසොස්හිදී ඔහු හමුව නැවට ඔහු නංවා ගත් අපි, මිතුලේනට ගියෙමු. Sinhala Revised Old Version අසොස්හිදී ඔහු අපට සම්බවූ කල ඔහු නංවාගන මිතුලේනට ආවෙමුව. |
අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි.
අපි එතැනින් යාත්‍රා කොට, පසුවදා කියොසය ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොසයට ළඟා වී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමු.