එවිට අදොනියා ද ඔහු සමඟ සිටි සියලු අමුත්තන් ද ආහාර අනුභව කොට අවසාන වනවාත් සමඟ ම ඔවුන්ට ඒ ශබ්දය ඇසිණි. ජෝවාබ් හොරණෑ ශබ්දය අසා, “නගරය දෙවනත් කරන මේ ඝෝෂාව කුමක් නිසා දැ”යි පිළිවිසී ය.
ක්‍රියා 19:40 - Sinhala New Revised Version 2018 මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය. Sinhala New Revised Version මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය. සිංහල කාලීන පරිවර්තනය අද දවසේ පැන නැගුණු කලබලය ගැන අපට විරුද්ධව චෝදනා නැගෙන්නට ඉඩ තියෙනවා. කිසි හේතුවක් නැතිව පැන නැගුණු මේ කෝලාහලය ගැන ප්‍රශ්න කරනු ලැබුවහොත්, ඊට දිය හැකි නිසි පිළිතුරක් අපට නැතැ” යි පැවසී ය. Sinhala Revised Old Version මක්නිසාද මේ කෝලාහල රැස්වීම ඇතිවීම ගැන අපට උත්තරදෙන්ට පුළුවන්වන ලෙස ඊට කිසි කාරණාවක් නැති බැවින්, අද දවසේ කැරැල්ල ගැන අප කෙරෙහිත් දෝෂාරෝපණයක් පැමිණෙන්ට පුළුවනැයි කීවේය. |
එවිට අදොනියා ද ඔහු සමඟ සිටි සියලු අමුත්තන් ද ආහාර අනුභව කොට අවසාන වනවාත් සමඟ ම ඔවුන්ට ඒ ශබ්දය ඇසිණි. ජෝවාබ් හොරණෑ ශබ්දය අසා, “නගරය දෙවනත් කරන මේ ඝෝෂාව කුමක් නිසා දැ”යි පිළිවිසී ය.
ශ්‍රීමත් තියෝපිලස් තුමෙනි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලළා කථා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත.
කෝලාහලය සංසිඳුන පසු පාවුලු ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ධෛර්යවත් කොට, ඔවුන්ගෙන් සමුගෙන මසිදෝනිය බලා නික්ම ගියේ ය.
ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී.
එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්‍රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය.
එහෙත් ෆීලික්ස් ඒ ධර්ම මාර්ගය ගැන කාරණා මැනවින් දැන සිටි බැවින්, “ලිසියස් නම් සේනාධිපතියා ආ කල ඔබගේ නඩුව තීන්දු කරන්නෙමි”යි කියා නඩුව කල් දැමී ය.