ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 19:32 - Sinhala New Revised Version 2018

සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

රැස් වූ පිරිස අතර වූයේ දැඩි වියවුලකි. ඇතැම්හු එකක් ද තවත් අය තවෙකක් ද කියමින් කෑ මොර දුන්හ. තමන් මෙහි සිටින්නේ කුමක් නිසා ද යන්න පවා වැඩිදෙනා දැන සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සභාව වියවුල්වූ බැවින්, සමහරෙක් එකක්ද අන් සමහරෙක් වෙන එකක්ද කියමින් මොරගැසුවෝය; ඔවුන්ගෙන් වැඩි කොටස තුමූ මොන කාරණාවක් නිසා එකතුවුණෝදැයි නොදැන සිටියෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 19:32
6 හුවමාරු යොමු  

එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ.


ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ.


මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය.


එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය.