ක්‍රියා 15:34 - Sinhala New Revised Version 2018 එහි නැවතීම හොඳ ය යි සීලස්ට පෙනුණේ ය. Sinhala New Revised Version එහි නැවතීම හොඳ ය යි සීලස්ට පෙනුණේ ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් සීලස් එහි නැවතීමට තීරණය කළේ ය. |
ඔවුන් කලක් එහි නැවතී සිටි පසු සහෝදරයෝ ඔවුනට දේව පිහිට පතා, ඔවුන් එවූ අය වෙත ආපසු යැවූ හ. එහෙත්
පාවුලු ද බාර්ණබස් ද තවත් බොහෝ දෙනෙකු සමඟ සමිඳාණන් වහන්සේගේ සුබ අස්න උගන්වමින් ද දේශනා කරමින් ද අන්තියෝකියෙහි නැවතී සිටියහ.
තවද ඔහු ග්‍රීසියට යන්නට අදහස් කළ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යවත් කොට, ඔහු පිළිගන්නා ලෙස ශ්‍රාවකයනට ලියා යැව්වෝ ය. ඔහු එහි පැමිණි කල, දේව වරප්‍රසාදය කරණකොටගෙන අදහාගෙන සිටි අයට බොහෝ උපකාර කෙළේ ය.
අපොල්ලොස් ගැන කිව යුත්තේ සහෝදරයන් සමඟ ඔබ වෙත එන ලෙස ඔහුගෙන් මා උදක් ම ඉල්ලා සිටිය බවයි. එහෙත් දැන් ම ඒ ගමන යාම කිසිසේත් ඔහුගේ කැමැත්ත නො වී ය. අවස්ථාවක් පැමිණි විට ඔහු එනු ඇත.