ක්‍රියා 13:46 - Sinhala New Revised Version 2018 එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු. Sinhala New Revised Version එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු. සිංහල කාලීන පරිවර්තනය එවිට පාවුල් හා බාර්ණබස් එඩිතරව ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ වචනය පළමු කොට යුදෙව් ඔබට ප්‍රකාශ කිරීමට අපට යුතුව තිබුණා. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කරමින් සදාතන ජීවනය ලැබීමට ඔබ නො වටනේයැයි ඔබම නිශ්චය කළ නිසා, මෙන්න, අපි දැන් අන්‍ය-ජාතිකයින් වෙත හැරී සිටිනවා. Sinhala Revised Old Version එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව. |
නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”
ඔවුන් කැරලිකාර මනුෂ්‍යයන් වන බැවින් සවන් දුන්නත්, නුදුන්නත් ඔවුන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත.
ඔව්හු කතා කොට, “ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ.
එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය.
ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.
ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.
ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය.
“සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය.
සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.
එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය.
එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය.
පළමුකොට දමස්කයේ හා ජෙරුසලමේ ද පසුව ජුදා රට මුළුල්ලෙහි ද වැසියන්ටත්, විජාතීන්ටත්, පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙත හැරී, පසුතැවී සිත් හරවා ගත් බව දක්වන ක්‍රියා කරන්නැ යි ප්‍රකාශ කෙළෙමි.
පාවුලු තවදුරටත් කතා කරමින්: “එහෙයින් දෙවියන් වහන්සේගේ මේ ගැළවීම විජාතීන් වෙත යවන ලද බව තේරුම්ගන්න. ඔවුන් එයට සවන් දෙනු ඇතැ”යි කියා කතාව නිම කෙළේ ය.
දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”
උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය.
“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.
ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය.
මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.
යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්‍රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය.
බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.
මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.
රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.