ක්‍රියා 12:12 - Sinhala New Revised Version 2018 මෙය තේරුම්ගත් ඔහු මාක් නම් ලත් ජොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව යාච්ඤා කරමින් සිටියහ. Sinhala New Revised Version මෙය තේරුම්ගත් ඔහු මාක් නම් ලත් ජොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව යාච්ඤා කරමින් සිටියහ. සිංහල කාලීන පරිවර්තනය එය වටහා ගත් පේතෘස්, මාර්ක් නම් ලත් යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියේ ය. එහි බොහෝ දෙනෙක් රැස්ව, යාච්ඤා කරමින් සිටියහ. Sinhala Revised Old Version ඔහු ඒ ගැන කල්පනාකොට මාර්ක් නම්ලත් යොහන්ගේ මවුවූ මරියාගේ ගෙදරට පැමිණියේය; එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය. |
බාර්ණබස් ද සාවුල් ද තමන්ගේ මෙහෙය නිමවා මාක් නම් ලත් ජොහන් කැඳවා ගෙන, ජෙරුසලමෙන් පෙරළා ගියෝ ය.
එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.
පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය.
සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.
එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.
පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ.
මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න.
ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි.
ඔබ සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි.