ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 11:8 - Sinhala New Revised Version 2018

මම ද, ‘ස්වාමීනි, එය නම් කළ නොහැක; අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටට ගෙන නැතැ’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම ද, ‘ස්වාමීනි, එය නම් කළ නොහැක; අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටට ගෙන නැතැ’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“එවිට මා, ‘නෑ ස්වාමිනි, අකැප, අපවිත්‍ර කිසිවක් කිසි කලෙක මගේ මුවට ඇතුළු වූයේ නැතැ’ යි කීවා.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මමද: ස්වාමිනි, එසේ නොවේවා. මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් මාගේ කටට ඇතුල් නොවීයයි කීවෙමි.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 11:8
9 හුවමාරු යොමු  

එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය.


නුඹ කැප කළ දේවලින් අකැප දේ ද සම්මත පරිදි අපවිත්‍ර දෙයින් පවිත්‍ර දේ ද වෙන් කළ යුතු ය.


මෙහි අදහස නම්, අපවිත්‍ර දේ හා පවිත්‍ර දේ පිළිබඳ ව ද කෑමට සුදුසු හා නුසුදුසු මෘගයන් පිළිබඳ ව ද නුඹලා වෙනසක් කළ යුතු බව ය.


උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය.


එවිට, ‘පේදුරු නැඟිට, මරා, කන්නැ’යි මට කියන ශබ්දයකුත් ඇසීමි.


එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය.


ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය.


මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය.