මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: “ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය.
එළිදරව් 17:13 - Sinhala New Revised Version 2018 මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. Sinhala New Revised Version මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු එක සිතින් තමන්ගේ බලයත්, ආධිපත්‍යයත් මෘගයාට පවරා දෙති. Sinhala Revised Old Version මොව්හු එක්සිත්ව තමුන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. |
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: “ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය.
කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙස ම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත්, නාවත්, ඔබ ස්ථීර ව, එක්සත් ව සිටින බව ද, ඔබ හැම, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද,
එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න.
මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”
මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.