එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.
එළිදරව් 13:7 - Sinhala New Revised Version 2018 තවද, සැදැහැවතුන්ට විරුද්ධ ව සටන් කරන්නට ද ඔවුන්ගෙන් ජයගන්නට ද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන් ද සෙනඟ ද භාෂාවන් ද ජාතීන් ද කෙරෙහි බලය ද ඌට දෙන ලද්දේ ය. Sinhala New Revised Version තවද, සැදැහැවතුන්ට විරුද්ධ ව සටන් කරන්නට ද ඔවුන්ගෙන් ජයගන්නට ද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන් ද සෙනඟ ද භාෂාවන් ද ජාතීන් ද කෙරෙහි බලය ද ඌට දෙන ලද්දේ ය. සිංහල කාලීන පරිවර්තනය ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කිරීමට හා ඔවුන් පරාජය කිරීමට මෘගයාට බලය දෙන ලදී. තවද ගෝත්‍ර, ජනයා, භාෂා හා ජාතීන් යන හැමට ඉහළින් ඌට ආධිපත්‍යය දෙන ලදී. Sinhala Revised Old Version තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය. |
එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “පොරොව පාවිච්චි කරන්නාට වඩා පොරොව උතුම් ය යි එයට කිය හැකි ද? කියත පාවිච්චි කරන්නාට වඩා කියත උතුම් ය යි එයට කිය හැකි ද? මුගුරකට හෙවත් සැරයටියකට මිනිසෙකු එසවිය නොහැකි ය. මුගුර හෙවත් සැරයටිය ඔසවන්නේ මිනිසා ය.
මේ සියල්ල කරන්න මා පුරාණයේ සිට ම අදහස් කර අධිෂ්ඨාන කළ බව නුඹ නොදන්නෙහි ද? ඒවා දැන් මම ඉටු කෙළෙමි. පවුරු ඇති නගර නාස්ති කොට ඒවා නටබුන් ගොඩවල් කරන්න නුඹට බලය දුන්නේ මම ය.
මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.
“මේවා කෙරෙහි මුළු ආධිපත්‍යය ද ඒවායේ යස ඉසුරු ද ඔබට දෙන්නෙමි; ඒවා මට පවරා දී ඇති හෙයින් මා කැමැති කෙනෙකුට ඒවා දෙමි;
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.
තවද: “ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.
මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය.
එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි කෝපයෙන් දිලිහී දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින, ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධ ව සටනට ගියේ ය.
ඔහු මට තවදුරටත් කතා කොට, “වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝ ද ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද වෙති.
ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ: “පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය. මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.