දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
එළිදරව් 13:15 - Sinhala New Revised Version 2018 ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේ ය. Sinhala New Revised Version ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේ ය. සිංහල කාලීන පරිවර්තනය තවද පළමු මෘගයාගේ රූපයට කතා කරන්නට හැකි වන පිණිස හා මෘගයාගේ පිළිම රූපයට නමස්කාර නො කරන්නන් මරා දමනු ලබන පිණිස, මෘගයාගේ රූපයට පණ දෙන්නට ද ඌට බලය දෙන ලදී. Sinhala Revised Old Version මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය. |
දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
මේ නිසා සියලු මනුෂ්‍යයෝ අනුවණ මෝඩයෝ වෙති. සියලු රන්කරුවෝ තමන් නෙළූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. ඒවා පණ නැති හිස් පිළිම වන බැවිනි.
ඒවා වනාහි කැකිරි වත්තක සිටුවා ඇති, කතා කරන්නට බැරි පඹයන් වැනි ය. ඒවාට ඇවිදින්නට බැරි නිසා ඔසවාගෙන යා යුතු ය. ඒවාට බිය නොවන්න; මන්ද, නුඹලාට අනතුරක් කරන්න වත් යහපතක් කරන්න වත් ඒවාට බැරි ය.”
මේ හේතුව නිසා, සියලු මනුෂ්‍යයෝ කිසි දැනගැන්මක් නැති අනුවණයන් මෙන් වෙති. සියලු රන්කරුවෝ තමන්ගේ කැපූ රූප ගැන ලජ්ජාවට පැමිණ සිටිති. මන්ද, ඔවුන් තැනූ රූප සත්‍යයක් පිළිබිඹු නොකරයි. ඒවා ජීවමාන නොවෙයි.
ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත.
එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.
ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය.
මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය.
ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.”
තුන් වන දේව දූතයෙක් ද, ඒ දෙදෙනා පස්සේ යමින් මහ හඬින් මෙසේ කී ය. “යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේ ද,
එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.
ජලය භාර ව සිටි දේව දූතයා කතා කොට, “වැඩ සිටින, වැඩ සිටිය, සුවිශුද්ධ තැනැන් වහන්ස, ඔබ දුන් විනිශ්චයන්හි ඔබ සාධාරණ ය.
මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”
මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.
ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේ ද, ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේ ද ලෙයින් මත් ව සිටියා ය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි.
ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”
එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.
එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.